විදුහල්පති පණිවිඩය
සිරිසමන් මධ්‍ය මහා විද්‍යාලය
සිරිසමන් විදුහල් මාතාව 2021 වර්ෂය ට හැත්තෑහතර වසරක් සපුරන්නී ය. 1947 වර්ෂයේ පොල් අතු සෙවිලි කළ කුඩා ගොඩ ගොඩනැගිල්ලක, සිසුන් තිස් තුන් දෙනෙක් ගෙන් ඇරඹි මෙම විදුහල වත්මනෙහි සුවිසල් ගොඩනැගිලි සංකීර්ණයකින් සුසැදුණු විවිධ අධ්‍යාපන අංශයන්ගෙන් පර්පූර්ණ, සිසුන් එක්දාස් අටසියයකට නො අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සිප්සතර හදාරන දිවයිනේ විශිෂ්ට පාසලක් බවට පත්ව ඇත. ඒ ඒ යුගයන් හි තම අධ්‍යාපන ක්රියාවලියෙහි නියුතු වෙමින් විදුහල්පති භූමිකාවකාවවේ හි යෙදුණු විදුහලේ විදුහල්පතිවරුන් හා ආචාර්ය ගුරුභවතුන් මෙහෙම විදුහල පිය පියවරෙන් පියවර ඉදිරියට ගෙන ආවේ විවිධ අභියෝග වලට මුහුණ දෙමිනි. එමෙන්ම අප පාසලේ ඉතා දක්ෂ සිසුන් පිරිසක් ඉගෙනුම් ලබන අතර කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමෙන් ද විශිෂ්ට ජයග්‍රහණ අප පාසලට අත්කරගෙන ඇති බව වත්මන් විදුහල්පති ලෙස මා ඉමහත් සතුටින් ප්‍රකාශ කර සිටිමි.
එසේම සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගයන්මීදී පවා විශිෂ්ට ජයග්‍රහණ අප පාසලට අත්කරගැනීමට හැකියාව ලැබී ඇත. සමාජයට මෙන්ම රටටද වැඩදායි පුරවැසියන් බිහි කිරීමට විදුහල් මාතාවට එදා මෙන් ම අද ද හැකියාව ලැබීම පිළිබඳව මම මහත් සතුටට පත් වෙමි. එසේම අප රටෙහි මෙන්ම ජාත්‍යන්තරයේ ද ඉහළ පෙළේ තනතුරුවල නිරතවන ආදි සිසුන් පිරිසක් අප පාසලෙන් බිහි කිරීමට හැකි වීම පිළිබඳව මා මතක් කර සිටින්නේ මහත් ආඩම්බරයෙනි.එලෙසම මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමෙන් පාසලේ උන්නතිය උදෙසා විශාල මෙහෙවරක් සිදුකිරීමට හැකිවෙතැයි මා විශ්වාස කරමි. එසේම මෙම වෙබ් අඩවිය හරහා විවිධ පාර්ශ්වයන් අප හා සම්බන්ධ කරගනිමින් අපගේ පාසලේ සංවර්ධනයට රුකුලක් කර ගැනීමට බලාපොරොත්තු වෙමි . තවද මේ සඳහා උර දී කටයුතු කල සියලු දෙනාට ම මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරන අතර, සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනය තව තවත් ඉහළ නැංවේවා යි මම ප්‍රාර්ථනා කර සිටිමි.
විදුහල්පති.
සිරිසමන් මධ්‍ය මහා විද්‍යාලය,
දැරණියගල,
