නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
සිරිසමන් මධ්‍ය මහා විද්‍යාලය

1947 වර්ෂයේ පොල්අතු සෙවිලි කළ කුඩා ගොඩනැගිල්ලක සිසුන් 33 කුගෙන් ඇරඹි අප විදුහල වත්මනනෙහි සුවිසල් ගොඩනැගිලි සංකීර්ණයකින් සුසැදුණු විවිධ අධ්‍යාපන අංශයන්ගෙන් සමූපේත සිසුන් 1500 කට නොඅඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සිප් සතර හදාරණ දිවයිනේ විශිෂ්ඨ පාසලක් බවට පත්ව ඇත. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
නියෝජ්‍ය විදුහල්පති,
සිරිසමන් මධ්‍ය මහා විද්‍යාලය
දැරණියගල.